Colombo Today Local News

කොළඹ වරායට CCTV පද්ධතියක්

කොළඹ වරාය සඳහා CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

වරාය පරිශ්‍රයට ඇතුළුවන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් හා වරාය දියකඩන  ප්‍රවේශ  ආවරණය වන පරිදි මෙම කැමරා පද්ධතිය සවි කිරිමට නියමිතය.

එම ස්ථානවල සිදුවන සියලුම ක්‍රියා නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම යන අරමුණු ඇතිව මෙම කැමරා පද්ධතිය සවි කිරීමට නියමිතය.

මේ සඳහා වන යෝජනාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඉදිරිපත් කර තිබේ. මේ හරහා කොළඹ වරායේ ආරක්ෂාව තහවුරුවීම, ඵලදායිතාව හා කොළඹ වරායේ කාර්යක්ෂමතාව ඉහළ යෑම, හා කොළඹ වරායේ වාණිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම සිදුවන බව රජය සඳහන් කරයි.

ඒ අනුව එම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණ අගැයීම් කමිටුවක් පත්කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

colombotoday

“මහමැතිවරණයෙන් පසු රජයේ සේවක වැටුප 50% කින් කප්පාදු කරනවා.” වසංගතය අස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද හොයයි

colombotoday

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday