Colombo Today Local News

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අදියර කිහිපයක් යටතේ අද (09)දින සිට ආරම්භ වේ.

ඒ අනුව අද සිට එහි ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවා ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.

ලියාපදිංචි ලිපි අංශයේ තේරිම් කටයුතු හෙට (10)දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු 11 වනදා සිට ආරම්භ කරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් සේවා පවත්වාගෙන යාම හේතුවෙන් රාජකාරි කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අහඹු පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු කොවිඩ් ආසාදිත රෝගීන් තිදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් පසුගිය 05 වනදා සිට එහි රාජකාරි කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා තිබුණි.

Related posts

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

colombotoday

රවීගේ අයවැයෙන් ජනතාවට අවාසියි.. ඒකාබද්ධ විපක්ෂයට වාසියි !

colombotoday

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

සයිටම් ප්‍රධානියා වෙඩි තබාගෙන – පොලිස් පරීක්ෂණයෙන් සුළමුල එලියට

colombotoday