Colombo Today Local News

කොටි සමරන්න වෙල්ලමුල්ලිවයික්කාල් පැමිණි විග්නේෂ්වරන්ව පොලීසිය පන්නා දමයි

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා ඊයේ (18 වැනිදා) උදෑසන මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයට පැමිණි උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන්ට ආරක්ෂක අංශ විසින් අවසර ලබා නොදීම නිසා ඔහු බලාපොරොත්තු සුන්ව ආපසු ගොස් තිබේ.

විග්නේෂ්වරන් එම ස්ථානයට පැමිණි පසුව පොලිසිය පවසා ඇත්තේ එම ස්ථානයේ යුද්ධයෙන් මියගිය ගිය පිරිසක් සැමරීමට අවසර ලබා දී නොමැති බවයි.

විග්නේෂ්වරන් සමග තවත් පිරිසක් ද පැමිණි නිසා ඊට අවසර ලබා දීම කිසිසේත්ම කොරෝනා නීතිරීතිවලට ද පටහැනි බව පොලිසිය පවසා තිබේ.

මේ අවස්ථාවේදී පොලිසිය හා හිටපු ප‍්‍රධාන ඇමැතිවරයා අතර බහින් බස්වීමක් හා මත ගැටුමක් හටගෙන ඇතත් පොලිසිය හිටපු ප‍්‍රධාන ඇමැතිවරයාට යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා අවස්ථාව ලබා දී නැත.

පසුව හිටපු ප‍්‍රධාන ඇමැතිවරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

Related posts

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday

විමල් වීරවංශ ආණ්ඩුවට ??

colombotoday

උතුරේ බුදුපිළිම කැඩූ “දෙමළ විමුක්ති කතෝලික හමුදාවෙන්” හින්දු සම්මේලනයට මරණ තර්ජණ !

colombotoday

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday

පෙම දෙදරායෑමෙන් දිවි නසාගත් තරුණයාට කොවිඩ්

colombotoday