Colombo Today Local News

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙන ප්‍රධාන බස් නැවතුම්පොළේ සවිකර තිබෙන රූපවාහිනී තිරයක අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල පොලීසියට දැනුම් දී ඇත.

ඇඳිරි නීතිය හේතුවෙන් කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ ජනතාව නොගැවසෙන අවස්ථාවක එහි සවිකර තිබෙන රූපවාහිනී තිරයක ලිංගික ජවනිකා සහිත අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශන කරන ආකාරය කිසිවෙකු විසින් වීඩියෝ ගතකර එය සමාජ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කර ඇත.

මෙම වීඩියෝ දර්ශනය දැක ඇති බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කළ බවද මීට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ප්‍රධාන බස් නැවතුම්පොළේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට දැනුම් දුන් බවද නගරාධිපතිවරයා පැවසීය.

Related posts

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Admin

චීනයට අක්කර 15000ක්.. මාගම්පුර වරාය ආශ්‍රිතව නව කර්මාන්ත 150ක් !

colombotoday

‘මහින්දට මට වඩා ආරක්ෂාවක් මොකටද.. මටනම් තේරෙන්නෑ‘ – චන්ද්‍රිකා

colombotoday

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

සහරාන් සමඟ සබඳතා පැවැත්වු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මත් ජාවාරම්කරුවන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නඩුවෙන් නිදහස

colombotoday