Colombo Today Local News

කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාපාරික ස්ථාන අද (29) දිනයේ සිට මැයි මස 5 වන දින අලුයම දක්වා වසා තැබීමට එම නගරවල ක්‍රියාත්මක වෙළෙඳ සංගම් තීරණය කර ඇත .

මේ අනුව කුරුණෑගල , අලව්ව ,    ගල්ගමුව , කුලියාපිටිය , හිරිපිටිය , කුඹුක්ගැටෙි නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට ⁣එහි වෙළද සංගම් තීරණය කර ඇත .

අලව්ව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් කීප දෙනෙකුම වාර්තා වීම හේතුවෙන් අලව්ව නගරයේ වෙළෙඳසැල් ඊයේ (28) සවස් වරුවේ සිටම වසා දමා ඇත .

කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගැවසීම සැලකිල්ලට ගෙන කුලියාපිටිය නගරය සහ ඒ අවට පිහිටි සියළුම ව්‍යාපාරික ස්ථාන අද  (29)  දින සිට ලබන අඟහරුවාදා (5 ) දිනය අලුයම තෙක් වසා තැබීමට කුලියාපිටිය වෙළඳ සංගමය තීරණය කර ඇත .

කුලියාපිටිය වෙළෙඳ සංගමයේ සභාපති සහ කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කුලියාපිටිය වෙළෙඳ සංගමය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත . හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වෛරසය ආසානය වූවන් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළුන් වන අතර ඔවුන් ආසාදිතයන් බවට හඳුනා ගැනීමට පෙර නිවාඩු පැමිණි අවස්ථාවෙිදි කුලියාපිටිය නගරයේ සහ නගරය ආසන්නයේ ඇති වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථාන රැසක සැරිසරා ඇති බව අනාවරණය වී තිබේ .

කුරුණෑගල නගරයේ ඔසුසැල් හැර අනෙකුත් සියළුම ව්‍යාපාරික ස්ථාන මැයි මස 1 වන දින සිට 5 වන දින අලුයම තෙක් වසා තැබීමට කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක සියළුම වෙළද සංගම් එක්ව තීරණය කර ඇත .

ගල්ගමුව නගරයේ කොරෝනා ආසාදිත බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සැරිසරා ඇති බවට ලද තොරතුරු අනුව අද සිට සිකුරාදා (1) තෙක් සියළුම ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට ගල්ගමුව වෙළෙඳ සංගමය තීරණය කර ඇත .

මේ අනුවම යමින් හරිපිටිය සහ කුඹුක්ගැටෙි වෙළෙඳ සංගම්ද හෙට (30) සහ අනිද්දා  (1) දෙදින එම නගරවල පවත්වාගෙන යන සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කර ඇත .

Related posts

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin

නයිජිරියානු ජාතිකයින් තිදෙනෙක් ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday

“වෛද්‍ය උපාධිය ලබාදීමට සයිටම් ආයතනයට සුදුසුකම් නෑ” – වෛද්‍ය සභාව ශේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday

මැයි 09 කලහකාරී සිදුවීම් 06කට සජබ ආසන සංවිධායකයෙක් අත්අඩංගුවට

colombotoday

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

සිංහරාජේ ප්‍රශ්නගත ඉඩමේ අයිතිකරු ආණ්ඩුව ආරක්ෂා කරනවා ද? පරිසර ඇමතිගෙන් ප්‍රශ්න කෙරේ…

colombotoday