Colombo Today Local News

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

කලවාන පොලිස් වසමේ දී සුනඛයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව පහර කෑ සුනඛයා වේදනාවෙන් කෑගසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානය මගින් නිසි විමර්ශනයක් සිදු කර නොමැති බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් ඊට අදාළ විමර්ශන නිසි ලෙස සිදුකරන ලෙස පොලිස් නීති කොට්ඨාශය විසින් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව කලවාන පොලිසිය විසින් මෙම කුඩා සුනඛයාට පහරදුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද දිනයේදී කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Related posts

තවත් බුද්ධි අංශ විරුවෙකුගේ දෑතට මාංචු

colombotoday

බැදුම්කර වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

මහ මොළකරුවන් පෝළිමේ කැදවයි.. මලික් – කබීර් අද.. අගමැතිත් ළගදීම කොමිසම හමුවට !!

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

ජමියතුල් උලමාත් ආගමානුකූලව ළමා අපචාර කිරීමේ ලයිසන් එක දිගටම ඉල්ලයි

colombotoday

බොරැල්ල රථවාහන ඒකකයේ ස්ථානාධිපති මියයයි

colombotoday