Colombo Today Local News

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

හෝමාගමදී ඉදි කිරීමට නියමිත මෙරට විශාලතම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැති බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම මෙම ව්‍යසන කාලය තුළදී සිදු නොකරන බවයි.

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් අක්කර 26ක භූමි ප්‍රමාණයක මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කළේය.

මෙම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග, රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන සඳහන් කර තිබෙන්නේ තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් සඳහා මේ මොහොතේ මුදල් වියදම් කිරීම විහිළු සහගත බවත් අප සතුව ඇති ක්‍රීඩාංගණ ප්‍රමාණවත් ලෙසත් ක්‍රිකට් තරග ක්‍රීඩා නොකරන පසුබිමක තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍යද යන්නයි.

මේ සියල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් හෝමාගමදී ඉදිකිරීමට යෝජිත නව ක්‍රීඩාංගණය සඳහා සියලු වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරණ අතර ඊට රජයෙන් අරමුදල් භාවිතා නොකරන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගියාදා පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රීඩාංගණය පිළිබඳ පළ කළේ මෙවැනි අදහසකි.

අනතුරුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ කණගාටුව පළ කරමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම්ව එම ප්‍රකාශය කළ බවයි.

මේ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සියේය.

මේ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති අතර අතර ඊට හිටපු ක්‍රිකට් නායකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියේය.

Related posts

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානයයි. | විරුද්ධවදියාව රැකසිට මරන්න කියලත් තියෙනවා. – අජිත් ප්‍රසන්න.

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

කොකෝ බල්ලා මත් රකුසාගෙන් මුදා ගනී

Admin

ඥානසාර හිමියන්ගේ දඬුවම හිස ගසා දැමීම, එල්ලා මැරීම, ගල් ගැසීම හෝ පිටුවහල් කිරීම විය හැකියි.

colombotoday

කුෂ් සමග තරුණයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday