Colombo Today Local News

“ඒක මන්දිරයක් නෙවෙයි,බංකරයක්” රජ ගෙදර භූගත බංකරය ගැන හිටපු ජනපති පහදයි.

bankare

ඇතැමුන් චෝදනා කරන පරිද කොළඹ කොටුව ජනපධිපති මන්දිරය තුළ ඉදිකර ඇත්තේ මන්දිරයක් නොවන බවත් එය බංකරයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එම බංකරය එවකට ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ගොඩ නගන ලද්දක් බවත් හදිසි අවස්ථාවල ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් පැවැත්වීම සදහා මෙම භූගත බංකරය භාවිතා කළ බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එය තමාගේ මතය පරිදි සිදුනොකළ දෙයක් බවද පෙන්වා දුන් ඒ මහතා එවන් වූ බංකර් අරලියගහ මන්දිරයේදී ඇති බවත්, ආරක්ෂක හේතුන් මත මෙවැනි දෑ ප්‍රසිද්ධියට පත් නොකළ යුතු කරුණු බවත් අවධාරණ කර සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජිනීවා යෝජනා ගැන පැහැදිළි කිරීම සදහා නාරාහෙන්පිට අභයාරාමයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ජනාධිපති මන්දිර පරිශ්‍රයේ අධිසුඛෝපභෝගී භූගත මන්දිරයක් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 22 වන දා ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක දී හෙළිදරව් කර සිටියා.

 

Related posts

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

දහම්පාසල් ගුරු දීමනාවට තවත් 3000ක් එකතු වේ

colombotoday

කුඩු අංජුගේ සමීපතමයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවේ

colombotoday

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

colombotoday

රට ගිහින් ආ සැමියා දෙදරු මවක්ව ඝාතනය කරයි

Admin

MCC ගිවිසුම ගැන ජනතා අදහස් සැලකිල්ලට ගත යුතුයි – ජනපති ඇමරිකාවට කියයි

colombotoday