Colombo Today Local News

එළඹෙන 05 සහ 06 සුරාසැල් වැසේ.. මහජන පැමිණිලි සඳහා දුරකථන අංකයක්

එළඹෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

මෙම තීරණයට අනුව ක්‍රියා නොකරන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට මෙන්ම ඔවුන්ට එරෙහිව “කාර්මික අපරාධ” චෝදනාවන් ඉදිරිපත් කිරීමටත් දිවයින පුරා සුරාබදු නිලධාරීන් යොදවා ඇති බවත් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුව දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමුකළ හැකි වේ.

Related posts

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා. පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

colombotoday

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

Admin

කබීර් – රිෂාඩ් හවුලේ.. සතොසට අයත් කොළඹ ඉඩමක් ඉන්දීය සමාගමකට විකුණයි !!

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday

හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි !

colombotoday