Colombo Today Local News

එජාපෙ ආණ්ඩුවට යන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ – ජනපති දන්වයි

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදීය.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එකතු කර ගැනීමට එම පෙරමුණ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇතැයිද වාර්තා වේ.

ada.lk

Related posts

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නවත්විය යුතුයි

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

පොලිස් වෙස් ගෙන කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම: හිටපු ජනපති මෛත්‍රී සහ හිටපු අගමැති රනිලුත් උසාවි ගේන්න දින නියම කෙරේ

colombotoday

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කරයි

colombotoday

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday