Colombo Today Local News

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

eknaligodaමාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැළිගොඩ පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදුන් පසුගිය රජයේ ප්‍රබලයකු ප්‍රශ්න කිරීම සඳහා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

එක්‌නැළිගොඩ ඝාතනයට අදාළ පරීක්‍ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන බවද ඊට සම්බන්ධ යුද හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ප්‍රදීප් එක්‌නැළිගොඩ ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී ඇත්තේ පසුගිය රජයේ සුවිශේෂී බලයක්‌ හිමිකරගෙන සිටි ප්‍රබලයකු විසින් බවයි. තිරය පිටුපස සිට මොහු එක්‌නැළිගොඩ ඝාතනය මෙහෙයවා ඇතැයිද හෙළිදරව් වී තිබේ.

එක්‌නැළිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධව කෙරෙන පරීක්‍ෂණ කටයතු සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත විවිධ බලපෑම් එල්ලවෙමින් පවතී.

එක්‌නැළිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා ඊට සම්බන්ධ අපරාධකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්‌ දී තිබේ.

එක්‌නැළිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරු දෙදෙනකු ඇතුළු එකොළොස්‌ දෙනකු මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

– දිවයින

Related posts

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

colombotoday

අද විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව ගත්ත ගමන් අපේ අය හොරකම් කරන්න ගත්තා.. හොරු අල්ලන්න යනකොට ජනපතිට චෝදනා කිරීම වැරදියි – රන්ජන්

colombotoday

සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.. පුංචි ඡන්දය තව කල් යයි !

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday