Colombo Today Local News

ඌව මහ ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජනයක – රෝහලේ නිළ නිවාසයකට පහරදීලා

අද (03) ඌව පළාතේ රජයේ සියලු වෛද්‍යවරු වැඩ වර්ජනයක නිරත වෙනවා.

ඒ අනූව දෙමෝදර දිසා රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීම හා ඒ පිළිබඳ ගැටලුවේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ක්‍රියා කළ ආකාරයට විරෝධය පළ කරමින් මෙලෙස විරෝධතාවේ නිරත වන බව වෛද්‍යවරුන් පවසයි.

ගැටලුව පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කළ ද විසඳුමක් නොලැබුණු බවත්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ අතර දෙමෝදර ප්‍රාදේශීය රොහල වසා දමා එහි කාර්ය මණ්ඩලය බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට වාර්තා කර ඇත.

රෝහලේ නිළ නිවාසයකට පහරදීමේ සිද්ධියක් ද මේ වනවිට වාර්ත වී තිබේ.

Related posts

ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගන්නා 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න…

colombotoday

කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ ඇරඹේ !

colombotoday

සජිත්ගේ ගම්උදාව අහෝසියි… වෙන්කර තිබූ මුදල් යළි භාණ්ඩාගාරයට පවරාගනී…

colombotoday

මාතර දී හෙරොයින් කිලෝ 75 ක් අත්අඩංගුවට – හරක් කටාගෙ බවට සැකයක්

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 4.4කින් අඩු වෙයි

Admin