Colombo Today Local News

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

පෑලියගොඩ මාලු වෙළඳ පොලේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ සංචරණයට ලක්වු ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා ආසාධිත වී ඇති බවට තහවුරුවීම නිසා එම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 4ක් අද (14)දිනයේ සිට හුදකලා කිරීමට තිරණය කල බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්.එන්. සුදසිංහ මහතා පවසයි.

ඌරගස්මන්හන්දිය උතුර, ඌරගස්මන්හන්දිය දකුණ, යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්‍රාම සේවා වසම් මෙසේ හුදකලා කර තිබේ.

ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ අවුරුදු 68, 59, 53, 30, 20, 18 යන වයස්වල පසුවන හය දෙනෙකි. ප්‍රතිකාර සඳහා ඔවුන් අද (14)දින හම්බන්තොට සහ කඹුරුගමුව රෝහලවෙත රැගෙන යාමට නියමිතය.

මේ අතර ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරිත් හල්විට මහතා පැවසුවේ එම වසම්වල මාර්ග බාධක යොදවා සංචරණය සීමා කිරිමට පියවර ගෙන ඇති බවය.

Related posts

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්

colombotoday

බඩඉරිඟු ආනයන බද්ද පහළට

Admin

මිනිස් හිස්කබල් දෙකක් වලව ගගේ පාලම යටින් හමුවෙයි

colombotoday

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

කුණු කතා අවසන්.. ඝන අපද්‍රව්‍ය දහනයෙන් බලශක්තය නිපදවීම ඇරඹෙයි.

colombotoday