Colombo Today Local News

උතුර දකුණ යා කරන්න ජාතික මහා ක්‍රීඩා උළෙලත් අරන් දයාසිරි කිලිනොච්චි යයි

dayasiriඋතුරේ ජනතාව සමග ඇති බැදීම තව දුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණ ඇතිව 2016 ජාතික මහා ක්‍රීඩා උළෙල කිලිනොච්චියේ දී පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.  ඉදිරියේ දී උතුරත් දකුණත් යා කරන වැඩපිළිවෙලවල් රාශියකට සහයෝගය දෙන බවට ප්‍රකාශ කළ අමාත්‍යවරයා ක්‍රීඩාවෙන් මෙන්ම කලාවෙන්ද බැදීම් තව දුරටත් වර්ධනය කරගත හැකි බවත් එමගින් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය වන බවත් පැවසීය.

දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ 28 බදාද දින යාපනය රදගුරු ජස්ටීන් ඥාණප්‍රගාසම් පූජකතුමා හමුවූ අවස්ථාවේදීය.

යාපනය ප්‍රදේශයේ විශාල වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවෙමින් පවතින බව පැවසු ඔහු එම ක්‍රීඩකයන්ට සහයෝගය ලබාදෙමින් ලංකාව වෙනුවෙන් ඔවුන් ජාත්‍යන්තරයට රැගෙන යෑමට කටයුතු කරන බවත් පරණ ප්‍රශ්න අමතර කර අලුත් පරපුරක් ලෙස අලුතෙන් කල්පනා කර සියල්ලන්ම එක්වී ජාතික සමගිය ගොඩනගමින් රට නව යුගයකට ගෙනයෑම සදහා කටයුතු කළ යුතු බවට එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත්  ඔහු කියා සිටියේ ‘දකුණෙන් මම උතුරට දෙන පණිවිඩය අපි ඔබගේ සහෝදරයෝ’ යන්නයි.

Related posts

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin

“මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයක බුදු පිළිම තැබීම යහපාලනයට පටහැනියි.. ඉවත් කරනු!“ – මහඇමති නසීර් සැර වෙයි

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday