World

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (16)දින වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළදී පමණක් එරටින් මරණ 2006ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 11,921 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

එසේම එරටින් නව ආසාදිතයින් 11,135 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 354,161දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින්ගෙන් 187,522 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

Related posts

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.

colombotoday

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් අගමැති වෙඩි නොවදින පීඨිකාවක සිට ජාතිය අමතයි

colombotoday

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday