Colombo Today Local News

ඇමරිකාව මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත් වෙයි… තානාපතිනිය සී.අයි.ඒ ලොක්කෙකු සමග හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරයි

මෙරට ජාතික ආරක්ෂාවට සෘජුව මැදිහත් වෙමින් ඇමරිකානු තානාපතිනි ඇලීනා පෙලිට්ස් සහ ආරක්ෂක උපදේශක ඩග්ලස් හෙස් ඇතුළු ඇමරිකානු නිලධාරීන් පිරිසක් හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කර ඇත.

මෙම ඇමරිකානු තානාපති නිලධාරීහු හම්බන්තොට වරායේ ප්‍රධානී අද්මිරාල් ජයන්ත සිල්වා සහ නාවික කඳවුර භාර නිලධාරි අශෝක විජේසිරිවර්ධන හමුවී වරායේ ආරක්ෂාව ගැන කරුණු විමසා තිබේ.

ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග පැවසුවේ හම්බන්තොට වරාය වෙත චීන යුද නැව් සහ සබ්මැරින් එන්නේ දැයි දැනගැනීම සඳහා ඇමරිකාව අධි තාක්ෂණික සමුද්‍ර රේඩාර් පද්ධතියක් හම්බන්තොට වරායේ ස්ථාපිත කරදීමට ද ඉදිරිපත් වී ඇති බවයි.

හම්බන්තොට වරාය චීන හමුදා කඳවුරක් වන බවට ඇමරිකානු උප ජනාධිපති මයික් සෙන්ස් පැවසීමෙන් පසු මෙරට ඇමරිකානු තානාපතිනිය සහ ආරක්ෂක උපදේශක ඩග්ලස් හෙස් මෙම නිරීක්ෂණය සිදු කර ඇත.

චීන සමාගමක් විසින් පාලනය කරන හම්බන්තොට වරාය විමර්ශනය කිරීමට ඇමරිකානු තානාපති නිලධාරීන් ක්‍රියා කිරීම වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව ද ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියට සී. අයි. ඒ. ඔත්තු සේවාවේ නිලධාරියකු ද සහභාගි වී ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අයුතු ජනරාශිය යටතේ මහින්ද අත්අඩංගුවට ! – රංගේ බණ්ඩාරගෙන් අනාවැකියක්

colombotoday

එක්වරම නිකාබය ඉවත් කරන්න බෑ.. ඒක හරියට නිරුවතින් පාරේ යනව වගේ… – මුස්ලිම් කාන්තාවෝ පිරිසක් කියති

colombotoday

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක් වතුර නැහැ..

colombotoday

ලං.වි.ම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

Admin

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday