Colombo Today Local News

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කරගැනීමේ චෝදනා එල්ල වී ඇති අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ සොයුරු රිෆ්කාන් බදූර්දීන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදූර්දීන් මහතා විසින් මෙසේ ඉඩමක් ව්‍යාජ ලෙස ඔප්පු සකසා අත්පත් කරගෙන ඇති බවට 2015 නොවැම්බර් 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ අබ්දුල් කාසිම් මොහොමඩ් සලාහි නමැත්තෙකු විසිනි.

ඔහුට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊයේ(24) මෝසමක් මගින් අගතියට පත් පාර්ශවයේ නීතිඥයන් කරුණු දක්වා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය කරන ලදි.

Related posts

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday

පාර්ලිමේන්තුව දැඩි අනතුරක.. පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් ත‍්‍රස්තවාදීන් 04 දෙනෙක්..

colombotoday

කොටින්ට ඔත්තු දුන් හමුදා කපිතාන් සාන්ඡ් මොහමඩ් නිදහස්‌

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday