Colombo Today Local News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට භාර වෙයි….

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වී තිඛෙනවා.

ඒ 2008 – 2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිදුවීමට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නැයි අධිකරණය මීට පෙර කර තිබූ දැනුම්දීමකට අනුවයි.

රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ඊයේ දිනය ඇතුලු අවස්ථා කිහිපයකදී රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දී තිබුණද ඔහු ඒ සඳහා පැමිණ තිබුණේ නැහැ.

තරුණයන් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත් නමැත්තාට රටින් පළායාමට ආධාර අනුබල දුන් බවටයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇත්තේ.

Related posts

සාද පැවැත් වු නගරාධිපතිට ඇප | සියලු දෙනා නිවෙස් නිරෝධානයට

colombotoday

වනාතවිල්ලුවේ වන සංහාරය බැලීමට වන සංරක්ෂණ ඇමති යයි : ඇත්ත හෙළිකළ මාධ්‍යයට රැස්වීමේ දොර වැසෙයි

colombotoday

කුලියාපිටියේ වෙඩි තැබීමක්

Admin

ඔන්ලයින් ණය දුන් චීනුන් ගේ මධ්‍යස්ථානයක් වටලයි

Admin

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

colombotoday

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday