Colombo Today Local News

අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විධායකය අහෝසි කළ යුතුයි

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා හා විපක්‍ෂනායකවරයාත් එකඟ වී ඇති මෙම අවස්ථාවේ ඔවුන්ගේ දේශපාලන අරමුණ කුමක් වුවත් එය කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා පැවසීය.

රටේ ප‍්‍රධාන නායකයින් තිදෙනාගෙන්ම කැමැත්ත ලැබී ඇති මෙම කාරණය නොකෙරෙන වෙදකමක් කර නොගෙන ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන විධායකය අහෝසි කිරීම ඇතුළු එකඟ විය හැකි කාරණා ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බව ද ජයම්පති වික‍්‍රමරත්න මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණොත් එළඹෙන ජනාධිපතිවරණයට පෙර එම කටයුතු කළ හැකි බව ද හෙතෙම කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර කාර්යාලයේදී අද  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.

‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජනාධිපතිතුමා සහ විපක්‍ෂනායකතුමා එකඟ වී ඇති බව මාධ්‍යවල වාර්තා කර තිබුණා. ඒ අනුව මේ වන විට රටේ ප‍්‍රධාන නායකයින් තිදෙනාම එයට එකඟයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව එහි නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කිහිපවරක්ම ප‍්‍රකාශ කර තිබෙනවා.

          නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ ගැන පැහැදිලි ස්ථාවරයක් මෙතෙක් දක්වා නැහැ. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූ මාදුළුවාවේ සෝභිත හිමියන් දිගු කාලයක් තිස්සේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් කතා කළා. ඒ අනුව 2015 ජනාධිපතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨය බවට එය පත්කරගැනීමට උන් වහන්සේට හැකිවුණා. එහෙත් තුනෙන් දෙකක බලයක් නොවූ නිසා විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම වෙනුවට ජනාධිපතිවරණයෙන් පසු එහි යම් බලතල කිහිපයක් පමණක් ඉවත් කළා. 

Related posts

පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවේ

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම ගැන දැඩිව විමර්ශනය කරන්නැයි, බැසිල්ගෙන් උපදෙස්

colombotoday

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

colombotoday

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday

ඒකාබද්ධයේ ජනබලය පාරේ නැටූ නාඩගමක්…

colombotoday

බොරැල්ල වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Admin