Colombo Today Local News

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

නව ඖෂධ නිෂ්පාදනය කිරීමේ “අලුත් රටට අලුත් බෙහෙත්” වැඩපිළිවෙළ යටතේ ⁣Clopidogrel ඖෂධය එළිදැක්වීම අද දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

හෘද රෝගීන් සහ ආඝාත රෝගීන් සුලභව භාවිතා කරන ඖෂධයක් වන මෙය රාජ්‍ය අංශයට ලබා ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 317 ක් වැය කරයි.

පෞද්ගලික අංශය මෙම ඖෂධය ආනයනය කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 400 ක් වැය කරයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා විසින් ඖෂධය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

Related posts

පාස්කු ත්‍රස්තයන් හා අසාත් සාලිගේ සම්බන්ධය හිටපු පොලිස්පති පූජිත හෙළිකරයි !

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

පැරකුම් යුගයක්‌ යළි අරඹනවා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

“බුද්ධාගමට හිමි තැන නොදෙනවානම් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ“ – අර්ජුන

colombotoday