Colombo Today Local News

අලුත් පක්‌ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්‌!

pjpආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හා එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ තීරණාත්මක අවස්‌ථාවක දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්‌වීමට සූදානම් වෙති.

නව පක්‌ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් එම මැති ඇමැතිවරුන් සමඟ රහසිගත සාකච්ඡා වට කිහිපයක්‌ම ඒකාබද්ධ විපක්‌ෂයේ සංවිධායකයන් විසින් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් බහුතරයක්‌ හා එජාපයේ කලකිරී සිටින මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මේ සඳහා සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පක්‌ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු දැනට සාමාජිකත්වය ලබා නොගන්නා අතර නව ලියාපදිංචි දේශපාලන පක්‌ෂයක්‌ ලෙස ඉදිරි මැතිවරණවලට තරග කිරීම සඳහා අවශ්‍ය නෛතික සුදුසුකම් සම්පූර්ණ කිරීම මේ දිනවල සිදුකරන බව එම පක්‌ෂයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

පක්‌ෂ ලියාපදිංචියේ නෛතික අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන බවද හෙතෙම කීය.

පසුගියදා පැවැති අයවැය ප්‍රකාශයෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහයේ දී ද ආණ්‌ඩුවේ සමහර මැති ඇමැතිවරුන් නව පක්‌ෂයේ ඉදිරි පියවර ගැන මාධ්‍යවේදීන් සමඟ යම් යම් ඉඟි පළ කර තිබේ.

Related posts

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි !

colombotoday

වාලච්චේන ජාතික කඩදාසි කම්හල මාස කිහිපයකින් ආරම්භ කරනවා – විමල්

colombotoday

තේ වේල ප්‍රමාද කර පාර්ලිමේන්තුවේ පාන් දීලා කාර්යමණ්ඩලය නොසතුටින්

colombotoday

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාවක්

colombotoday

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday