Colombo Today Local News

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

අමාත්‍යාංශයන්හි ඉදිරි ව්‍යාපාරික සැලසුම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍යවරුන්ට දන්වා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ‍්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සෞඛ්‍ය අංශවල අනුමැතිය ලද විගස කඩිනමින් ගුවන් තොටුපොල යලි විවෘත කිරීමට තමන් සූදානම් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල තාවකාලිකව වසා දැමුණා. කෙසේවෙතත් විදෙස් රටවල සිරවී සිිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතී.

Related posts

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරටදී අත්අඩංගුවට

colombotoday

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ රතු නිවේදන

colombotoday

තීන්දුව සූදානම්… ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කරයි…

colombotoday

පාර්ලිමේන්තුවට බාර දුන් හඩපට 1500 ආපසු ගත්තා – රන්ජන්

colombotoday