Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

කොටපොළ  සතොසට  අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු  අද (26) හෘදයාබාධයකින්  මියගිය බව කොස්මෝදර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මගහේන ,කොටපොළ  ,ගල්දොල පදිංචි (69) හැවිරිදි  රණවක අමරදාස නමැත්තෙකු බව හඳුනාගෙන තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මොහු අද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා කොටපොල සතොසට  යතුරුපැදියකින්  පැමිණ ඇති අතර  මොහු මුඛ ආවරණයක් පැළඳ  නොසිටි  හෙයින් පොලිස් නිලධාරීන් ඔහුට මුඛ ආවරණයක්ද ලබාදී එය පැළද භාණ්ඩ මිලදී ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

භාණ්ඩ මිලදී ගැනීමට පෝලිමට යාමටත් පෙර යතුරුපැදිත් සමග ඔහු  බිම වැටී ඇති අතර  ඒ සමගම පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථයක නංවා රෝහල් ගත කිරීමට කටයුතු කළත් ඒ වනවිටත් ඔහු මියගිය බව දෙනියාය මූලික  රෝහලේ  ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන්  කොස්මෝදර  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

Related posts

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

රැඳවියන් බැලීමට සතියකට දින දෙකක් අවසර

colombotoday