Colombo Today Local News

රැඳවියන් බැලීමට සතියකට දින දෙකක් අවසර

බන්ධනාගාර රැඳවියන්ව සතියකට දින 02ක් හමුවීම සඳහා අමුත්තන්ට අවස්ථාව ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම අවස්ථාව නිරෝධායන සීමා පැවති සමයේ අත්හිටුවා තිබූ අතර ඔක්තෝබර් 04 වනදා සිට බන්ධනාගාර රැඳවියන්ව බැලීමට අමුත්තන්ට සතියකට එක් වතාවක් අවසර ලැබුණි.

එහිදී ඥාතීන් විසින් රැඳවියන්ට ලබාදීම සඳහා රැගෙන එන බත් පාර්සලය එක් රැඳවියෙකුට පමණක් සීමා වන ලෙස රැගෙන එන ලෙසත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එලෙස බත් පාර්සලය රැගෙන ඒමේදී ව්‍යංජන වර්ග වෙනත් භාජනවල හෝ කවර වැනි දේ තුළ නොදමා බත් පාර්සලය තුළම පමණක් දමා රැගෙන එන ලෙසත් දැනුම් දෙයි.

මේ අතර රැඳවියන් ට බන්ධනාගාර ආපනශාලාවෙන් සතියකට සරිලන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාගැනීමට දී තිබූ අවස්ථාව එලෙසම ක්‍රියාත්මක වන බව ද බන්ධනාගාර දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පසුගිය අගෝස්තු 07 වනදා සිට බන්ධනාගාරගත රැඳවියන් ට අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළේය.

Related posts

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin

දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟ

colombotoday

ලකාවට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ – අගමැති

colombotoday

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

රු. 5000 දීමනාවට අදාළ ලැයිස්තු සැකසෙයි | 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

colombotoday

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin