World

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.

1995 දී පෘථිවි කක්ෂයට යවා රදවා තිබුනි. රාත්තල් 5,000 ක් බර මෙම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා අතරේ පුරෝගාමී චන්ද්‍රිකාවක් ලෙස සැලකෙයි. යුරෝපා විද්‍යාඥයන් ‘ඊආර්එස්2’ නමැති මෙම චන්ද්‍රිකාව,1995 දීය. අක්‍රිය වීමෙන් පසු චන්ද්‍රිකාව පහළ පෘථිවියට කඩා වැටීම ආරම්භ වූයේ 2011 වසරේ සිට යැයි පැවැසෙයි.

‘ඊආර්එස්2’ චන්ද්‍රිකාව, අද (21) දින අධික වේගයකින්, ගිනි ගෙන දැවෙමින්, පෘථිවියට කඩා වැටෙන බවත්, එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවනු ඇති බවත් යුරෝපා විද්‍යාඥයන් පවසා තිබුණි. පෘථිවි වායුගෝලයට පිවිස අධික වේගයෙන් පහළට එද්දී, චන්ද්‍රිකාවෙන් වැඩි කොටසක් ගුවනේදීම විනාශ වනු ඇතැයි ද යුරෝපා විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා තිබුණි.

Related posts

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් චීනයේ පළාතක මෝල්ටා උණ පැතිරේ

colombotoday

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළියට

colombotoday

දින දෙකක් තිස්සේ වාහන දහසකට වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගයක සිරවෙයි

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

colombotoday

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

colombotoday