Colombo Today Local News

විල්පත්තුව වියලී ඉරි තලයි.. විල්, පොකුණු සිදී යයි.. සංචාරකයන්ටත් දොර වැසේ !

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය අගෝස්තු 01දා සිට නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙවර නියගයේ බලපෑම මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවලට දැඩිව බලපා ඇති අතර මේ තත්ත්වය විල්පත්තු අභයභූමියටත් බලපා ඇති බැවින් වැව් හා විල් රැසක් සිදි ගොස් ඇත.

අභය භූමිය තුළ පිහිටි මහවැව, මහපතන් වැව, මරදන්මඩුව, කොක්‌කාරිය විල්ලුව, කාලි විල්ලුව ආදී ස්‌ථානවල සතුන්ගේ පිපාසාව සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව පවතින බව උද්‍යාන භාරකාර කාර්යාලය පවසයි.

ඊට අමතරව වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සකස්‌ කළ කෘත්‍රීම ජල පොකුණු තිහක්‌ පමණ පවතින අතර මේ වන විට ඒවාට පිටතින් ජලය රැගෙන විත් සම්පාදනය කරන බවද පැවසේ.

Related posts

නිදහස් උළෙලට වැසෙන කොළඹ පාරවල් මෙන්න

colombotoday

සුසිල් ප්‍රේමජයන්ත හොර රහසේ මහින්දගේ ගෙදරට

colombotoday

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

“අර්ජුණ මහෙන්ද්‍රන් අපට විශ්වාසයි.. නැවතත් මහබැංකු අධිපති ඔහුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

අතුරුදන්වූවන්ගේ පනත නවත්තන්න අපටත් දෙයක් කරන්න බැරිවුණා.. කණගාටුයි – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

මෙහෙම ගියොත් කොම්පැනිකාරයකුට වුණත් මේ රටේ ආණ්ඩු බලය ගන්න පුළුවන්

colombotoday