World

රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්

සිරියාවේ ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් සිරියානු රජයේ හමුදා රුසියාවේ ද සහාය ඇතිව කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් ඩැමැස්කස් නුවරට දැවැන්ත මිසයිල හා ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යය ජාතිකයන්ගේ දුරකතන, පරිගණක ආදිය ඉලක්ක කරගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

ඩොලර් 40,000කට අලෙවි වූ ටයිටැනික් මගියාගේ ලිපිය

Admin

දරා ගත නොහැකි කැනඩාවේ උෂ්ණත්වයෙන් මිය ගිය පිරිස 719ක් දක්වා ඉහළට

colombotoday

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

colombotoday