Colombo Today Local News

UN සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මංගල රණවිරුවන් පාවා දෙනවා – එස්.බී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දිගින් දිගටම රණවිරුවන් සහ රට පාවාදෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී පැවසීය.

මංගල සමරවීර මහතා අයවැය මගින් සිදුකළ වංචාවන්ට සහ  එක්සත් ජාතීන්ගේ සංවිධානයට  රට පාවාදීමට ගත් උත්සාහයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද දිසානායක මහතා කියා සිටියේය.

පුංචි බොරැල්ලේ  පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ  නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

විදේශ අමාත්‍යවරයා  විදියට මංගල සමරවිර මහතා මානව හිමිකම් කොමිසමේ තිහයි එක  යෝජනකාවට එකඟ වුනේ නැත්නම් අද අපිට කිසිදු චෝදනාවක් නැහැ.  එහෙනම් අපි අද  මේ කාරනාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. දැන් මේ යෝජනාව අවුරුදු දෙකකින් නැවත සලකා බැලිමට නියමිතයි.

මේ රටට බේරේන්න තිබුණ අවස්ථාව අහිමිකරගෙන රට පාවාලා දීලා, රණවිරුවන් පාවාලාදීලා මේ සියල්ලම  මංගල සමරවිර මහතා සිදුකලේ 2025 වසරෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරකට යන්නයි’’ යැයිද එස්. බී. දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

Related posts

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයි

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday