Colombo Today Local NewsHot News

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?

විදුලි ගාස්තු නියාමනය නිරීම සඳහා පිහිටවූ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීමට සුදානමක් තිබෙන බව වාර්තා වෙනවා.

මීට හේතු වී තිබෙන්නේ වැඩිමිලට හදිස්සි විදුලිය මිලදී ගැනීම් සහ ශ්‍රී ලංකාවට නුසුදුසු විදුලිබලාගාර ඉදිකිරිම යන කරුණුවලට මහජන උපයෝගිතා කොමිෂන් සභාව එරෙහි වීම බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

මෙරට විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර ඇත. ලිහිසිතෙල් කර්මාන්තයේ ඡායා නියාමන ආයතනය ලෙස කටයුතු කරන්නේද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. ඊට අදාල පන්ත් සංශෝධන තත්වයේ පවතී එලෙසම ජල සේවා හා ඛණිජතෙල් කර්මාන්තයන්හි නියාමන කටයුතු සඳහා අප සූදානමින් සිටී. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණ ගැනීමේදී, පාර්දෘශ්‍ය ක්‍රියාපටිපාටියක් අනුගමනය කරයි. මෙහිදී 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් සපයා ඇති ප්‍රතිපාදන අනුව මහජන උපදෙශනය හෝ පාර්ශවකරුවන් සඳහා උපදේශන පවත්වා එම අදහස්ද සලකා බලමින් විදිමත් ක්‍රියාපටිපාටියක් යටතේ තීන්දු තීරන ගනු ලබයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාකරන ආකාරය

වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජ උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලි බල කර්මාන්තයේ නියාමන බලතල කොමිෂන් සභාවට පවරණු ලැබීය.

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීම, කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණයි. බලපත්‍රලාභීන්ගේ නිසි කාර්යසාදනයට උරදීමද කොමිෂන් සභාවේ තවත් අරමුණකි. තීරණ ගැනීමේදී සියළුම පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන පාරදෘශ්‍ය භාවයකින් අවසාන තීරන වලට එලබේ.

Related posts

ප්‍රමිතියෙන් තොර, වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන ගොඩබෑමට අවසර නැහැ – ඇමති කංචන කියයි

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක්

Admin

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න වෙබ් අඩවියක්

colombotoday

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday