Colombo Today Local News

මයිලඩි ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් !

ආර් සම්පන්දන් මහතාගේ ඉල්ලීම මත නිදහස් කරන්නට යන ඉඩම් අතර ඇති මයිලඩි ප්‍රදේශය ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

මයිලඩි ඉඩම් නිදහස් කිරීම පලාලි ගුවන් පථයට මෙන්ම කන්කසන්තුරේ වරායට ද අහිතකර ලෙස බලපාන්නේ යැයි ද හෙතෙම පැවසීය.

යුද සමයේ මයිලඩි විකල්ප වරායක් ලෙස භාවිතා වූ බව කී ඔහු යම් හෙයකින් එම ඉඩම්වල සිවිල් ජනතාව පදිංචි කළ අවස්ථාවක යළි යුදමය වාතාවරණයක් ඇති වුවහොත් කිසිදු ගුවන් යානාවක් පලාලි ගුවන් තොටුපළට බැස්සවිය නොහැකිවනු ඇතැයි ද වීරසේකර මහතා කීය.

සිවිල් ජනතාව විසින් කිසිදු හානියක් නොකරන බව සැබෑ නමුත් ඔවුන් බිය ගන්වා ත්‍රස්තවාදීන්ට එහි යා හැකි වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

‘මම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කියනවා මේ ගැන ආණ්ඩුවට කියල දෙන්න කියලා. මේවා කළ යුත්තේ ආරක්ෂක මණ්ඩලය මිස පාර්ලිමේන්තුව හෝ සම්බන්ධන් හෝ වෙනත් කණ්ඩායමක් නොවෙයි. දෙන්න පුළුවන් නම් කිසිම ඉඩමක් නොදී ඉන්නේ නැහැ.’ යැයි ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසුවේ එළිය සංවිධානය පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවක දීය.

Related posts

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

Admin

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට රාජිත සේනාරත්න ?

colombotoday

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

Admin

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

හිරුණිකා ජනපති නිල නිවස ඉදිරිපිට ගෝඨාභය එනතුරු මහ පාරේ විරෝධතාවක්

colombotoday