Colombo Today Local News

“සුසිල් ප්‍රේමජයන්ත අපිව මීයන්ට ගත්තා… ශ්‍රීලනිපය දියකර දැන් පාර්ලිමේන්තු යන්න වලිකනවා” – බුද්ධදාස

“පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කඩුවෙල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායකවරයා අපව යොදා ගත්තේ රසායනාගාරවල මීයන් ලෙසින්. ඉන් සිදුවූයේ මීයන් වූ අප ජීවිතක්‍ෂයට පත්වීම” යෑයි කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ප්‍රකාශ කර ඇත.

යහපාලන රජයේ ඇමැති ධුරයක්‌ ලබාගත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඔහුගේ බිරිය ජපානයේ දස දිනක සංචාරයක නිරතවූ බවත් එම සංචාරය නිමවී මෙරටට පැමිණීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු බවත්, තමාට හා බිරියට එවන් සංචාරයක්‌ ලැබුණේ ඔහු නිසා බවත් තමා සමඟ පැවැසූ බවත් බුද්ධදාස මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.මහින්ද රාජපක්‍ෂගේ සමයේ තමාට කිසිදු සංචාරයක්‌ නොලැබුණු බව ප්‍රේමජයන්ත මහතා එදා පැවැසූ බවත් අද ඔහු ශ්‍රීලනිපය දියකර හැරීමේ මෙහෙයුම ගෙන යන බවටද බුද්ධදාස මහතා චෝදනා කළේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ දැන් අරමුණ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර මන්ත්‍රීවරයකු වීම බවත් කඩුවෙල ජනතාව ඊට රැවටෙන්නේ නැති බවත් හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.එහෙත් කඩුවෙල ශ්‍රීලනිප ජනතාව පක්‍ෂය හැර යන්නේ නැති බවද හෙතෙම කියා සිටියේය. සුසිල් ප්‍රේමජයන්ත මහතා අද අනුගමනය කරන ක්‍රියාවලිය හදවතට එකඟව ගත් තීරණයක්‌ද යන්න කඩුවෙල ජනතාව විමසිලිමත් වන බවද බුද්ධදාස මහතා කියා සිටියේය.

දිවයින

Related posts

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday

ගංජා ඖෂධයක් නොවෙයි, මත්ද්‍රව්‍යයක්. | තහනම දිගටම තියන්න | විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර.

colombotoday

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට

colombotoday

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක්.. එය අපේ ආණ්ඩුවෙන් ජාතියට කල බලවත් වරදක් – ඇමති වජිර අබේවර්ධන

colombotoday

දරුපල ලබන්න දේවාලෙකින් බෙහෙත් ගත් තරුණියක් මරු දකී

Admin

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday