Colombo Today Local News

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ප‍්‍රකාශනයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක්කළ නොහැකි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද දැනුම් දුන්නේ ය.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සළකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මේ බව දන්වා සිටියාය.

පාර්ලිමේන්තු සැසිවාර කල්තබමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුුවන ලෙස ඉල්ලා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන සිසිර ද ආබෲ සහ විජිත් මලල්ගොඩ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය දන්වා සිටියේ අදාළ පෙත්්සම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූල නොවන බවයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික‍්‍ර‍්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

Related posts

අංගොඩ ලොක්කාගේ කුඩු බෙදපු උකුස්සා

colombotoday

කොළඹට එන්න අදත් විශේෂ බස් සේවා

Admin

කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන්නැයි ජිනීවා කවුන්සිලය රජයට දන්වයි !

colombotoday

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

colombotoday

උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගයෙන් විශ්වාසභංග යෝජනාවක්

colombotoday

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

Admin