Colombo Today Local Newsextremism & terrorism activities

අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක.

පාස්කු බෝම්බකරුවෙකුගේ සොහොයුරිය තම පුතා විවාහ කර දෙමීන් රාජ්‍ය මාධ්‍ය තුලට අන්තවාදය රිංග වු අහමද් මුනව්වර් නැවතත් අනුශාසක ලෙස පත්වෙමින් සාම්ප්‍රදායික වැඩසටහන් නැවත්වීමට සැරසෙන බව වාර්තා වෙනවා.

පහත දැක්වෙන්නේ අන්තවාදීන් ගුවන් විදුලියට ගෙන් වු බව කියන ඔහුගේම පාපොච්චාරණයකි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය මගින් ගුවන් විදුලි සංස්ථාවේ 95 වැනි සංවත්සරය වෙනුවෙන් කොල්ලුපිටිය පල්ලිය තුල දෙසැම්බර් 18 වන දින පැවත් වු වැඩසටහන අතරතුර ඇති වු බහින්බස්වීමක් සම්බන්ධ හඩ පටයක් අප වෙත ලැබී තිබෙනවා..

එම හඩපටය මුස්ලිම් අංශයේ හිටපු අධ්‍යක්ෂක හා වර්තමාන උපදේශක අහමඩ් මුනව්වර් විසින් 2020 දෙසැම්බර් 19 වන දින සමාජ මාධ්‍ය හරහා ඔහු විසින් මුදාහරින ලදි.

එනම් ගුවන් විදුලි මුස්ලිම් සේවයට අන්තවාදීන් රිංග විම අහුරාලිම සදහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඒ සදහා පත් කල උපදේශණ මණ්ඩලය තුලටද අන්තවාදීන් පත්විමයි.

පත් වු එක් උපදේශකයෙකු විසින් එනම් ජනාධිපති නීතිවේදී රාසික් විසින් එහි එක් උපදේශකයෙකු වෙත චෝදනාවක් එල්ල කර ඇත.

හිටපු මුස්ලිම් සේවා අධ්‍යක්ෂක අහමඩ් මුනව්වර් විසින් මුස්ලිම් සේවය විනාශ කල බවත් ඔහු විසින් අන්තවාදීන්ට වෙළෙඳ ප්‍රාචරනයට මුවා වී වැඩසටහන් ලබා දුන් බවත් චෝදනා කර ඇත.

ඒ නිසා රාජ්‍ය අනුග්‍රහයෙන් රාජ්‍ය ජනමාධ්‍යවලින් අන්තවාදය ව්‍යාප්ත වු බවත් ඔහු විසින් පවසා ඇත.

ඉහත සඳහන් කල උත්සවය සදහා ගුවන් විදුලි අධ්‍යක්ෂක විසින් උපදේශක මණ්ඩලය ලවා, සභාපති තුමා විසින් වාරණය කරන ලද දේශකයෙක් ගෙන්වා දේශණයක් පවත්වා එය ගුවන් විදුලිය ඔස්සේ විකාශය කිරීමටද කටයුතු කර ඇත.

වාරණය වු පුජකයන් පිලිවෙලින් යුසුෆ් මුෆ්ති, ෆලීල් නලීමි, අබ්දුල් හාලික්, මුර්සිඩ් මුලෆ්ෆර්

ඊට පසුව හකම්ඩීන් පුජකයා ලවා සභාපති තුමා වාරණය කල පුද්ගලයන්ගේ නම් කියවා ඔවුන් හොඳ පුද්ගලයන් බවට වක්‍රාකාරයෙන් ප්‍රකාශ කර එයද ගුවන් විදුලිය හරහා විකාශනය කර ඇත.

එසේම ගුවන් විදුලි අධ්‍යක්ෂකතුමාට පක්ෂපාති මහ්රුෆ් මොහිදීන්ට ඉහත වැඩසටහන අතරතුර වැඩසටහන භාර දී එය මෙහෙයවෙමින් සිටි රිසා නම් නිවේදකයාවද අපහසුතාවයට පත් කර තිබේ.

එයට හේතුව වී ඇත්තේ මුස්ලිම් සේවයේ හිටපු අධ්‍යක්ෂ හා වර්තමාන උපදේශකට යම් කතාවක් ලබා දීමයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් ඔවුන්ගේ සැලසුම් ව්‍යර්ථ වී ඇත.

පසුව සාම්ප්‍රධායික මුස්ලිම් විද්වතුන් විසින් එය සභාපති තුමා වෙත පැමිණිලි කර ඇත. දෙමළ භාෂාවෙන් පැවත් වු එම කතාවල අන්තර්ගතය ඒම කාල වේලාවේදි ඔහුට දැන ගන්නට නොහැකි වි තිබෙන බව දැනගන්නට ඇත.

සම්ප්‍රදායික මුස්ලිම් විද්වතුන් හරහා එය දැන ගන්නට ලැබිමෙන් පසු සභාපති තුමා විසින් ගුවන් විදුලි මුස්ලිම් සේවය සදහා ඉතිහාසයේ ප්‍රථම වතාවට උපාදිදාරි මුස්ලිම් කාන්තාවක් නියෝජ්‍ය අධ්‍යක්ෂක දුරයට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර අන්තවාදීන් සදහා අවකාශ ලබා දෙන අධ්‍යක්ෂක තුමාගේ කුමන්ත්‍රණය වලක්වා තිබේ.

අමාත්‍යවරයා විසින් පත්කර ඇති උපදේශක සභාව

1 මුස්ලිම් සලාහුදීන්
2 අහමඩ් මුනව්වර්
3 ෆස්ලුල් රහ්මාන්
4 ෆසාල් මරික්කාර්
5 රාසික් සරුක්

http://tamil.colombotoday.com/?p=22506

Related posts

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

“අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday

වෛද්‍ය සභාවේ අලුත් සභාපතිට හූ සංග්‍රහයක් !

colombotoday

කොරෝනා හැදුනු රටවල් බැලුවම අපි අදටත් සාර්ථකයි. අපේ ආණ්ඩුව ඇනගෙන නැහැ

colombotoday