Covid 19featured

සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වෙයි.

සයිනොවැක් නමැති චීනයේ නිෂ්පාදිත කොවිඞ් එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හටගත් මතභේදයකදී එසේ අනුමැතිය ලබාදීමට විරුද්ධවූ සාමාජිකයන් තිදෙනකු ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.

මෙම උපදේශක සභාව විද්වත් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි සාමාජිකයන් වූ ප‍්‍රතිශක්තිකරණවේදී වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස්වේදය පිළිබඳ වෛද්‍ය කාන්ති නානායක්කාර, ස්වසනවේදය පිළිබඳ වෛද්‍ය මහාචාර්ය චන්න රණසිංහ යන මහත්ම මහත්මීන් මෙසේ ඉවත්වූ තිදෙනාය.

සයිනොවැක් එන්නත ශ‍්‍රී ලංකාවේ වැසියන්ට ලබාදීම නුසුදුසු බව මෙම තිදෙනාගේ මතය වූ බවත්, එබැවින් එය ශ‍්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමට ඔවුන් විරුද්ධ වූ බවත් වාර්තා වේ.

සයිනොවැක් මාත‍්‍රා විසිලක්‍ෂයක් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව තිබිණි. මෙම වැක්සීනය කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය සඳහා අඩුම ප‍්‍රතිචාරයක් දක්වන වැක්සීනය බවද වාර්තා වේ. වැක්සීනය සඳහා අනුමැතිය ලබාගැනීම පිණිස එය ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ පිළිබඳව නිසි සායනික වාර්තා තිබී නැත.

ඩෙල්ටා ප‍්‍රභේදය ඉදිරි කාලය තුළදී ශ‍්‍රී ලංකාව පුරා පැතිරයාමේ අවදානමක් තිබෙන බැවින් ඒ සඳහා සුදුසු එන්නතක අවශ්‍යතාව රජයට දැඩිව දැනී ඇත.

සයිනොවැක් එන්නත මුලින් මාත‍්‍රා මිලියන දෙකකුත්, පසුව තවත් මාත‍්‍රා මිලියන 11කුත් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු යොදා තිබිණි.

Related posts

ප්‍රභූ ආරක්ෂකයන් 44 කටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

රාගම පොලිස් ස්ථානාධිපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

colombotoday

රතන හිමිගේ කුමන්ත්‍රණයට හසුවූ විමල්,වාසු ගම්මන්පිලට අමාත්‍යධුර අහිමි වෙවිද ?

colombotoday

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday