හිරේ ඉන්න කොටි සාමාජිකයෙක් තමන්ට ඉඳ හිට දුරකථන ඇමතුම් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු තමන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය එල්ල කල කාන්තාව කොළඹට ගෙන ආ පුද්ගලයා බවත් දිනක් ඔහු අධිකරණයේදී මුණ ගැසුණු බවත් ෆොන්සේකා මහතා පැවසීය.
කෙසේ වෙතත් බන්ධනාගාරය තුල දුරකථන භාවිතා කිරීම තහනම් වන අතර මෙම මොරිස් නැමති පුද්ගලයා බන්ධනාගාරය තුල දුරකථන භාවිත කරන්නේ කෙසේදැයි නොදනිමු.