Colombo Today Local News

වන්දි ලබාදීමේ පනත සම්මත කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීන් පවසනවා – සජිත් ප්‍රේමදාස

යහපාලන රජය යුද්ධයෙන් විපතට පත්වූවන්ට වන්දි ලබාදීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම දේශද්‍රෝහී රට පාවා දෙන ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීත්වයෙන් වෙලී ගිය විරුද්ධවාදීන් පවසන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාති, ආගම් භේදයෙන් තොරව යුද්ධයෙන් අවතැන්වූවන්ට වන්දි ලබාදීම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස විරුද්ධවාදීන් හැඳින්වීම හරිදැයි තමන් ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත්, යහපාලන රජය රට පුරා උදා ගම්මාන 20,000 ක් ඉදිකරන විට යුද්ධයෙන් විපතට පත්වූ රණවිරුවන් ඇතුළු ජනතාවට නොමිලේ ඉඩම් ලබාදී නිවාස ඉදිකර දීමද ඔවුන් පවසන පරිදි වැරදි විය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ, මහඔය, කැකිරිහේන ප්‍රදේශයේ ඉදිවූ “සත්නිඳුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (21) දින සහභාගී වෙමිණි.

Related posts

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

colombotoday

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

colombotoday

මාව එලවා දමා මෛත්‍රී පාර්ලිමේන්තු එන්න හදනවා – ෆවුසිගෙන් චෝදනා

colombotoday

උණ්ඩියල් ක්‍රමයට විදේශීය මුදල් හුවමාරු කල පුද්ගලයෙක් මි. 16.7ක විදෙස් මුදල් සමග අත්අඩංගුවට

colombotoday