හොරණ බැල්ලපිටිය ප්රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කර්මාන්ත ශාලාවේ ඇමෝනියා ටැංකියකට පුද්ගලයෙක් වැටීමෙන් හා ඔහු බේරාගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙම පස්දෙනා මියගොස් තිබේ.
සිදුවීමෙන් සිහිසුන් වූ තවත් පිරිසක් හොරණ රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය පවසයි.