“රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගියේ අපේ සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක්” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එබැවින් පක්ෂ නායක හමුවක් තබා මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කළ අතර එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විරුද්ධ විය.
ඒ සමගම පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවයක් ඇතිවූ අතර කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීය.