Colombo Today Local NewsTop Stories

කට්ටි පැනපු ප්‍රසන්න අධිකරණයට භාර වෙයි!

දින 61ක් තිස්සේ අධිකරණය මගහරිමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විවෘත වරෙන්තු නිකුත්කර තිබුණි.

පෙරේදා අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු සතු බැංකු ගිණුම්, ඉඩම්, වාහන ඇතුළු දේපළ පිළිබඳ විමසා ඒවා තහනම් කරන්නට උපදෙස් අධිකරණය විසින් නිකුත් කර තිබූ බැවින් එම නියෝගයෙන් දින දෙකකට පසු ඔහු අධිකරණයට භාර වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් තිදෙනකුද මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අතර තවදුරටත් මෙම මස 19 වැනිදා දක්වා රිමාන්ඩ් කර තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කර තිබේ.

සටහන – සත්සරණී

Related posts

කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Video

colombotoday

IOCයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට

colombotoday

පොලොන්නරුව ඓතිහාසික ගල්පොත විනාශවීමේ අවදානමක්

colombotoday

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday

සිම්කාඩ් පත් 50ක් තබාගෙන මත්ද්‍රව්‍ ජාවාරම්කරු නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිහින්

colombotoday

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday