Colombo Today Local News

පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අද (14) අවසන් බව පොලිස් කොමිසම් ආරංචි මාර්ග පවසයි.

2015 ඔක්තෝබර් මස 14 වැනි දින වසර තුනක කාලයක් සඳහා ජාතික පොලිස් කොමිසම පත්කර තිබූ අතර එහි නීත්‍යානුකූල නිල කාලය ඊයේ අවසන් වී ඇත..

කොමිසමේ නිල කාලය ඊයේ අවසන් වුවද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරීන් මණ්ඩලයක් පත්කෙරෙනතුරු වත්මන් නිලධාරී මණ්ඩලයට තවදුරටත් එහි රැඳී සිටිමින් කටයුතු කළ හැකි බව පොලිස් කොමිසමේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

සමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත ජාතික පොලිස් කොමිසම සමාජිකයන් පත්කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිදුකරනු ලබයි.

ජාතික පොලිස් කොමිසම වෙත ගත වූ වසර තුනක කාලය තුළ පැමිණිලි 900 ට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර මින් 500 ට ආසන්න ප‍්‍රමාණයක් පොලිසියට එරෙහිව මහජන පැමිණිලි බවත් සෙසු පැමිණිලි පොලිස් නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් ලැබී ඇති බව කොමිසම් ආරංචි මාර්ග පවසයි.

මින් සියයට 75 ක පැමිණිලි සඳහා විසදුම් ලබා දීමට කටයුතු කර ඇති බවද කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

colombotoday

කැලනි සිසුන්ගේ විරෝධය

Admin

අධික උෂ්ණත්වය නිසා දරුවන් අනතුරේ.. දෙමව්පියන් කරන්න ඕන දේවල් මෙන්න

colombotoday

ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු අද ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂා කෙරේ

colombotoday

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

colombotoday

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්

colombotoday