අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ අනුබල දුන් බව කියන ඇගේ මව ඇතුළු 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
මෙම පිරිස අතර දැරියගේ ඡායාරූප ඇතුළත් කර අන්තර්ජාලයේ දැන්වීම සකස් කළ පුද්ගලයන් ද වනවා.
මෙම දැරිය ලිංගික වශයෙන් අපචාරයට ලක් කළ පිරිස අතර චීවරධාරියෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසඳහන් කළා.
මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ රුපියල් 10.000 සිට 30 .000 දක්වා මුදලකට අලෙවි කර ඇති බව හෙළිව තිබෙනවා.
දැරිය අපචාර සඳහා භාවිතා කළ තවත් පුද්ගලයන් 20 දෙනකුගේ පමණ තොරතුරු හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.