Colombo Today Local News

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

යාල වන උද්‍යානයේ නව ගල්ගේ පිවිසුම අද (30) දින විවෘත කර තිබේ.

කොවිඩ් වසංගතය අවසන් වූ වහාම සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් උදා කිරීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ මෙම නව ගල්ගේ ඉදිකෙරුණි.

මිලියන 6.5 ක වියදමින් ඉදිකළ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව ප්‍රවේශය විවෘත කිරිම අද (30)දින සිදු කෙරුණේ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා..

සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සියලු දෙනා අතර බෙදී යා යුතුයි. ඒ වගේම තාක්ෂණය උපයෝගී කරගෙන ටිකට්පත් නිකුත් කරන්න මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. දැනට සීමාසහිත ප්‍රමාණයක් ටිකට්පත් නිකුත් කිරීමට අපට සිදුව තිබෙනවා. යාල වන උද්‍යානයට ඇතුල් වන තදබදය අඩු කර ගැනීමට මේ ආරම්භ කරන වැඩපිළිවෙළත් එක්ක පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරය තුළින් ලැබෙන ආදායම් බෙදී යාමට සලස්වා රටේම ජනතාවට ප්‍රයෝජනවත් වන ආකාරයට සකස් කළ යුතුයි. විශාල සැලසුමක එක අදියරක් තමයි අද මේ ආරම්භ කරනු ලැබුවේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනසමග සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා සමීපව කටයුතු කරන්න අපි පියවර අරගෙන තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය කියන්නේ සංචාරක අමාත්‍යංශය පමණක් නොවේ.

යාල ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානය වෙත පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය විශාලයි. එම ප්‍රධාන සංචාරක දොරටුවට දරාගැනීමට හැකි ප්‍රමාණයට වඩා විශාල සංචාරකයින් ප්‍රමාණයක් දිනකට පැමිණෙනවා. ඒ නිසා එහි තදබදය අවම කරමින් යාල වනඋද්‍යානයේ නව කලාප සංචාරකයින්ට විවෘත කරන්න අපට අවශ්‍ය වුණා. මෙම කලාපයටත් ලුණුගම්වෙහෙර ප්‍රදේශයට අයත් අංක 5 සහ 6 කලාප ඇතුලත් වෙනවා. මෙම කලාපය විශාල සතුන් ප්‍රමාණයක් ගැවසෙන සංචාරක ආකර්ෂණීය ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙන කලාපයක්. ඉදිරියේ දී අපි සංචාරකයින් සඳහා සඳහා නව ඇප් එකක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා එමඟින් සංචාරකයින්ට තමන්ගේ රටේ සිටම තමන් සංචාරය කරනු ලබන ස්ථාන තීරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

පහුගිය අවුරුද්දේ සිට කොවිඩ් වසංගතය නිසා ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තිබෙනවා. නමුත් අද වෙනකොට ලෝකයේ රටවල් බොහොමයක් සංචාරකයින්ට නැවත විවෘත කරන්න විවිධ වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙනවා .අපි ප්‍රමාද වුණොත් ඒ රටවල් අපට වඩා ඉදිරියට යනවා.ඒ නිසා අපි ලෝකයේ සංචාරක ව්‍යාපාරයට විවෘත වෙනකොට ක්‍රමානුකූලව සංචාරකයින් සඳහා රට සූදානම් කරලා තියන්න ඕනේ. ඒ සූදානම් කිරීම මේ දිනවල අපි කරමින් සිටිනවා.

Related posts

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

colombotoday

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

colombotoday

සම්පත් බැංකුව පිහිටා ඇත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්.. සම්පත් බැංකුවේ හටගත් උණුසුම් තත්වයට ප්‍රතිචාර දක්වමින් නිමල් පෙරේරා කියයි

colombotoday

“වැඩ කරන අපේ විරුවා” ගීතයේ නිර්මාතෘ ජනතාවගෙන් සමාව ඉල්ලයි

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin