2009 වසරේ වවුනියාවේදී වෛද්‍යවරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම කර සිටි, ප්ලොට් සංවිධානයේ වවුනියාවේ හිටපු ප්‍රාදේශීය නායකයකු වූ සිවනාදන් ප්‍රේමනාත් නොහොත් ‘නෙදුමාරන්’ නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කොට තිබේ.
වවුනියාව මහාධිකරණයේ පෙර තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් ගොනු කරන ලද අභියාචනයක් අනුව, විනිසුරු ශෂි මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන ද්වි පුද්ගල විනිසුරු විනිසුරු මඩුල්ලක් විසින් ඊයේ මෙම තීන්දුව ලබා දෙන ලදී.
සිවිල් ගැටුමේ අවසාන අදියරේදී 2009 අප්‍රේල් 20 වැනි දින වෛද්‍ය ඒ. මීරා මොහිදීන් හට වෙඩිතැබීම සම්බන්ධයෙන් නෙදුමාරන් හට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරන ලද අතර, දීර්ඝ නඩු විභාගයකින් පසු, වවුනියාව මහාධිකරණය ඔහු වරදකරු බව තීරණය කර මරණ දඬුවම නියම කළේය.
කෙසේවෙතත්, අභියාචනය පිළිබඳ තීන්දුවේදී, අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ සාධාරණ සැකයකින් තොරව චෝදනා ස්ථාපිත කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව තීරණාත්මක සාක්ෂි නොමැති විට වරදකරු බව තහවුරු කළ නොහැකි බව විනිසුරුවරු තීරණය කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස, නෙදුමාරන් නිදොස් කොට වහාම නිදහස් කිරීමට අධිකරණය නියෝග කරන ලදී.