Colombo Today Local News

නීතිපති දප්පුල විශ‍්‍රාම යෑමට පෙරදින තනතුරෙන් ඉවත් වෙනවා – සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න

නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධුරයෙන් විශ‍්‍රාම යෑමට නියමිත දිනට පෙර දින එනම් ලබන 24 වැනිදා තමා මෙතෙක් දැරූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී යන තනතුරින් ඉවත් වනබව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊයේ ප‍්‍රකාශ කළාය.

තමා එකී තනතුරින් ඉවත්වීමට අදාළ අභ්‍යන්තර ගැසට් නිවේදනය නීතිපතිවරයා විසින් ඊයේ (11) නිකුත් කළ බව පැවසූ නිශාරා ජයරත්න මෙනවිය ඉන් පසුව තමා රජයේ අධිනීතිඥ තනතුරේ තවදුරටත් කටයුතු කරනා බවද ප‍්‍රකාශ කළාය.

එහිදී කරුණු දැක්වූ නිශාරා ජයරත්න මෙනවිය මෙසේද ප‍්‍රකාශ කළාය.

“මම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනේ් 2011 වසරේදී. 2013 වසරේ සිට රජයේ අධිනීතිඥවරියක් ලෙස කටයුතු කරන අතරතුරදී 2019.5.21 වැනිදා තමයි නීතිපතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරිනි තනතුරට පත්වුණේ. ඒක නීතිපතිතුමා, එතුමා වෙත පැවැරි තිබෙන බලතල අනුව නීත්‍යානුකූලව ස්ථාපිත කළ තනතුරක්. එවැනි තනතුරක් ඇති කරලා මට විශිෂ්ට අවස්ථාවක් ලබාදුන්න නීතිපතිතුමාට මම බෙහෙවින් ස්තුතිවන්න වෙනවා. ඒ වගේම ගෙවුණ දෙවසර තුළදී අපේ රටේ සියලූම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආතන නීතිපති දෙපාර්තමේන්තුවට විශාල සහයෝගයක් ලබා දුන්නා. අවුරුදු 136 ක් ගෙවුණ නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ නීතිපති දෙපාර්තමේන්තුව කොතරම් බලතල තිබෙන කෙතරම් වැඩකොටසක් ඉටු කළ හැකි දෙපාර්තමේන්තුවක්ද කියලා ජනතාවට වැටහුණේ මාධ්‍ය ලබාදුන්න ඒ අපරිමිත සහයෝගය නිසයි.”

“රටේ ජනතාව සංවේදි වන ඉතා වැදගත් කටයුතු ගැන දැන ගැනීමට තිබෙන ජනතා අයිතිය නීතිපති දප්පුල ද ලිවේරා මහතා විවෘත කරලා දුන්නා. රටේ බහුතරයක් එතුමාගේ ඒ විනිවිදභාවය, සෘජු ප‍්‍රතිපත්ති ගරුක බව ගැන පැහැදීමකින් සිටින බව ලැබෙන ප‍්‍රතිචාර අනුව පෙනී යනවා. එතුමාගේ ඒ ආකල්පය ජනතාව අතරට ගෙනියන්න මට පුළුවන් උපරිම සහාය මම ලබා දුන්නා.”

Related posts

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

colombotoday

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday