Colombo Today Local News

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

අද (12)දින සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ මෙම ගමන් තහනම මැයි 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි.

අද රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සියලුම පුද්ගලයින්ට නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදුවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

යුද හමුදාපතිවරයා පැවසුවේ ආහාර, ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහන සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්වලට මෙම සීමා කිරීම් බල නොපැවැත්වෙන බවයි.

Related posts

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයි

Admin

ඒකාබද්ධ විපක්ෂය අයවැය විරෝධයේ

colombotoday

අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Admin

ආණ්‌ඩුවට කත් අදින වෘත්තීය සමිති සටන පාවාදුන්නා – ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ කැඳවුම්කරු

colombotoday