මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් මොහොතක් හෝ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එය MCC නොව වෙනත් ඕනෑම නමකින් පැමිණිය ද තම මතය අදාළව බවද ඔහු පැවසීය.
මෙරට ව්‍යවස්ථාදායකයට පවා උඩින් යන, අධිකරණයට පවා වග නොකියන, ලංකාවේ නීතිය අභිබවා යන තත්වයක් ඇතිවෙන ගිවිසුම් කුමන නමින් ආවත් තම තමන්ගේ විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.
සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.