Colombo Today Local News

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 57ක් නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා තොගයක් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඊයේ (24)දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු අයුරින් යාත්‍රා කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කර එහි තිබු පාර්සල්‍ 2ක අසුරණ ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 57.275ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් වයස අවුරුදු 33 හා 39 ත් අතර පසුවන සැකකරුවන්, ඩිංගි යාත්‍රාව, හා කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කයිට්ස් ‍පොලීසිය වෙත භාර දී ඇත.

කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 55 ක‍ට ආසන්න බව වාර්තා වේ.

මෙම වසර තුළ පමණක් මෙම තොගය ද ඇතුලුව කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2911 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරය‍ට ගෙන ඇත.

Related posts

කැනඩා යවන බව පවසා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday