Colombo Today Local NewsHot News

“මම දන්නේ නෑ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා” ඇට්ටකුනා වෙන රොටියක් ගැන ජනපති කියයි: Video

“මේ රටේ දේවල් සිද්දවෙන්නේ මට ආරාධනාවක් නැතුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගත්තයින් පසුව තමයි රොටිය ඇට්ටකුනා උනේ කියලා කියනවා. රොටිය අට්ටකුනා උන හැටියි, කන්න බැරි වෙන්න කරවුන විදිහයි මට කියන්න පුළුවන් මාත් එක්ක සංවාදයකට එනවනම්.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින ගුණ සමරු දේශනය පවත්වමින් සඳහන් කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“සෝභිත හිමි බලාපොරොත්තු වුන දර්ශනය, අරමුණ කවුද විනාශ කලේ. පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ඒ වෙලාවේ තිබ්බේ ආසන 47යි. එහෙම තියෙද්දිත් රනිල් වික්‍රමසිංහ මහතා මගෙත් එක්ක අගමැති විදිහට දිවුරුම් දුන්නා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. 142ක් තිබුනා එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුනේ. එකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 127ක් හිටියා. මම දන්නේ නෑ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා.”

Related posts

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday

යහපාලනය කියා බලයට ආවට මේ ආණ්ඩුවේ ඇති යහපාලනයක් නෑ.. – මල්වතු මහනාහිමියෝ පවසති

colombotoday

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක්

colombotoday