Colombo Today Local News

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ අල්ලස් නඩුවෙන් නිදහස්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවක චෝදනා වලින් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(27) නියෝග කළේය.

අල්ලස් කොමිසම, ඔහුට එරෙහිව නඩු 04 ක් පවරා ඇත්තේ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එම මණ්ඩලය විසින් බෙදා හරිනු ලැබූ ලොතරැයිපත් ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශයට ලබා දීමේන්, රජයට රුපියල් මිලියන 64 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමිනි.

එම නඩු අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය කරුණු දක්වමින්, එම නඩු අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තුන්දෙනාගේම අනුමැතිය නොමැතිව පවරා ඇති බව පෙන්වා දුන්නාය.

ඇය පැවසුවේ, එබැවින් යළි නඩු පැවරීමේ කොන්දේසියට යටත්ව චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බවය.

එම ඉල්ලීමට අවසර ලබා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මාස 03 ක කාලයක් ඇතුළත එම සැකකරුට එරෙහිව නඩු පැවරීමට හැකියාව පවතින බව පෙන්වා දෙමින් එම නියෝගය කළේය.

Related posts

අසාද් සාලිගේ ජාතිවාදී කියුම් කෙරුම් ගැන පොලීස් පරීක්ෂණයක් !

colombotoday

ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා… 225ම යකඩ සපත්තුවට යට කරලා

Admin

හිටපු ජනපති සැඟව සිටිනවා කියන එක මම කිසිසේත් විශ්වාස කරන්නේ නෑ – බන්දුල

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ – ජනපති කියයි

Admin

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

colombotoday