Colombo Today Local News

සියලු හමුදා නිලධාරීන්ගේ දුරකථන අංක හා අන්තර්ජාල ගිණුම් තොරතුරු ඉල්ලා යුද හමුදා මූලස්‌ථානයෙන් නියෝගයක්‌

යුද හමුදාවේ රාජකාරි කරන දෙලක්‍ෂයකටත් අධික සියලුම නිලධාරීන් භාවිත කෙරෙන ජංගම දුරකථන අංක සහ facebook , වට්‌ස්‌ ඇප්, වයිබර් ආදී සියලු අන්තර්ජාල ගිණුම් පිළිබඳ තොරතුරු වහාම ලබා දෙන ලෙසට යුද හමුදා මූලස්‌ථානය නියෝගයක්‌ නිකුත් කර තිබේ.

සියලු හමුදා සාමාජිකයන් භාවිත කරන පෞද්ගලික ජංගම දුරකථන අංකවල තොරතුරුද ලබා දිය යුතු බවට යුද හමුදා මූලස්‌ථානය දැනුම් දී ඇති අතර ඉන් පසුව හමුදාවේ අනුදැනුමකින් තොරව වෙනත් ජංගම දුරකථන අංක භාවිත නොකළ යුතු බවටද දැනුම් දී ඇත.

දැනටමත් යුද හමුදා මූලස්‌ථානය මගින් අදාළ නියෝගය රට පුරා පිහිටි සියලුම හමුදා ඒකක වෙත යොමු කර අවසන් බව යුද හමුදා මූලස්‌ථානයේ නිලධාරියෙක්‌ පැවසීය.

අප මේ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගෙන් කළ විමසීමකදී හමුදා මූලස්‌ථානය මගින් එවන් නියෝගයක්‌ නිකුත් කර ඇති බව සනාථ කළේය.

හමුදා සාමාජිකයන් අතර අභ්‍යන්තර තොරතුරු හුවමාරු කරගැනීම වඩාත් පහසු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීමට මෙම තීරණය ගත් බව ද බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

රනිල් වෙනුවට ජනාධිපති අපේක්ෂකත්වයට එජාපයෙන් මූණු තුනක්… ගෝඨා ආවොත් සටනට චම්පික…

colombotoday

නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

colombotoday

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

colombotoday

ගිනි අවියක් සහ තහනම් කඩු දෙකක් රැගෙන යමින් සිටි තුනක් මාට්ටු

colombotoday